මුල් ප්රභවය
පියයුරු පිළිකාව ඇති කරන හේතූන් තවමත් නිශ්චිතව පැහැදිලි නැති නිසා, එය වළක්වාගත හැකි දැයි තවමත් සොයා ගෙන නැත. සාමාන්‍ය ජනගහනයට සාපේක්ෂව පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවදානම වැඩි කාන්තාවන් සඳහා එම අවදානම අඩු කිරීමට ඇතැම් ප්‍රතිකාර ඇත.
හර්ද රෝග, දියවැඩියාව සහ විවිධ ආකාරයේ පිළිකා තත්ත්ව වැනි රෝග තත්ත්ව වළක්වා ගැනීමට උපකාරී විය හැකි නිසා සියලු කාන්තාවන් සඳහා, නිතිපතා ව්‍යායාම් කිරීම සහ නිරෝගී සමබර ආහාර වේලක් ලබා ගැනීම නිර්දේශ කර ඇත. පර්යේෂණ මගින් පියයුරු පිළිකාව සහ ආහාර රටාව අතර ඇති සම්බන්ධය සොයා බලා ඇත. නිශ්චිත නිගමන නොමැති නමුත් පහත දේවල් කරන කාන්තාවන්ට ප්‍රතිඵල ඇත:
ඔබට සෞඛ්‍යවත් ශරීර ස්කන්ධයක් තිබේ දැයි බැලීමට අපගේ සෞඛ්‍යවත් ශරීර ස්කන්ධ කැල්කියුලේටරය භාවිතා කරන්න. නිතිපතා ව්‍යායාම කිරීම මගින් ඔබට පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවදානම තුනෙන් එකකට පමණ අඩු කළ හැකි බවද යෝජනා වී ඇත. ඔබ ආතවහරණයට ලක් වී ඇත් නම්, ඔබගේ ශරීර ස්කන්ධය වැඩි නොවීම හෝ ස්ථූල භාවයට පත් නොවීම විශේෂයෙන් වැදගත් වේ. මෙයට හේතුව එම තත්ව වලදී ඔබගේ ශරීරය මගින් ඊස්ට්‍රජන් නිෂ්පාදනය වීම වැඩි කළ හැකි බැවිනි. එමගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය.
මවුකිරි දෙන කාන්තාවන් ට පියයුරු පිළිකා ඇති වීමේ අවදානම සාමාන්‍ය කාන්තාවන්ට වඩා සංඛ්‍යාත්මකව අඩු බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. එයට හේතුව පැහැදිලි ව සොයාගෙන නැත. නමුත් එසේ සිදු වන්නේ, මව්කිරි දෙන අතරතුර දී කාන්තාවන්ගේ සාමාන්‍ය ලෙස ඩිම්බ මෝචනය සිදු නොවන නිසාවෙන් ඊස්ට්‍රජන් මට්ටම ස්ථාවරව පවතින නිසා විය හැකි ය.
ඔබට පියයුරු පිළිකා ඇතිවීමට වැඩි අවදානමක් ඇත්නම්, ඔබගේ එම අවදානම අඩු කිරීමට ප්‍රතිකාර ඇත. ඔබගේ වයස, ඔබගේ පවුලේ සෞඛ්‍යය ඉතිහාසය සහ ඔබගේ ජානමය පරීක්ෂණවල ප්‍රතිඵල වැනි සාධක මත ඔබට ඇති අවදානම් මට්ටම තීරණය වේ. ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට වැඩි අවදානමක් ඇතැයි සිතන්නේ නම්, සාමාන්‍යයෙන් ඔබව විශේෂඥ ජානමය සේවයකට යොමු කරනු ඇත. මෙම සේවාවල වැඩ කරන සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඔබ සමඟ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ යුතුය. ප්‍රධාන ප්‍රතිකාර ආකාර දෙක නම්, සැත්කමකින් පියයුර ඉවත් කිරීම, (මැස්ටෙක්ටොමි -Mastectomy) හෝ ඖෂධ ලබාදීමයි. මේවා වඩාත් විස්තරාත්මකව පහතින් විස්තර කර ඇත. පියයුර ඉවත් කිරීමේ සැත්කම (මැස්ටෙක්ටොමි-Mastectomy) යනු සැත්කමක් මගින් පියයුර ඉවත් කිරීමයි. එය පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ය. එසේ ම ඉහළ අවදානමක් සහිත පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් සුළු පිරිසකට එමගින් පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම අඩු කළ හැකිය. මැස්ටෙක්ටොමි (Mastectomy) සැත්කම මගින් හැකි උපරිම මට්ටමෙන් පියයුරු පටකය ඉවත් කිරීම මගින්, ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම සියයට අනූවක් දක්වා අඩු කළ හැකිය. කෙසේ වෙතත්, සියලුම සැත්කම් ලෙසම මෙහිද අතුරු ප්‍රතිපල ඇති වීමේ අවදානමක් ඇත. එසේ ම පියයුර ඉවත් කිරීම නිසා ඔබගේ ශරීරයේ බාහිර පෙනුමට සහ ඔබගේ ලිංගික සබඳතා වලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ය. නමුත් ඔබට අවශ්‍ය නම්, සැත්කමකින් පියයුර ඉවත් කිරීම (මැස්ටෙක්ටොමි -Mastectomy )සැත්කම අතරතුරදීම හෝ පසු දිනයක දී පියයුර නැවත ගොඩ නැංවීමේ සැත්කමක් කරවා ගත හැකි ය. පියයුරු නැවත ගොඩනැංවීමේ සැත්කමේ දී බාහිර පියයුරු පටකයක් හෝ ඔබගේ ශරීරයේම වෙනත් කොටසකින් ලබාගත් පටකයක් මගින් ඔබගේ පියයුරේ සාමාන්‍ය හැඩය නැවත සකසනු ලැබේ. පියයුරු ප්රොස්තතික (බ්‍රෙස්ට් ප්රොස්තිසස් -Breast prostheses)භාවිතා කිරීම විකල්ප ක්‍රමයක් වේ. මේවා ඔබගේ තන පටයට ඇතුළතින් පැළඳිය හැකි කෘතිම පියයුරු වේ. සැත්කමකින් පියයුර ඉවත් කිරීමේ , (මැස්ටෙක්ටොමි) සැත්කමට විකල්පයක් ලෙස තන පුඩු සුරක්ෂිත පියයුර ඉවත් කිරීමේ සැත්කම(Nipple- sparing mastectomy) සිදු කරයි. මෙහිදී සම්පූර්ණ ක්ශීර ග්‍රන්ථියම ඉවත් කරන අතර සම් ආවරණය ඉතිරි කරයි. දැනට මෙම ක්‍රමය බහුලව නොමැති නමුත් මෙය බොහෝ විට සිදු කරන අතර එමගින් වඩා හොඳ ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. ඖෂධ-පියයුරු පිළිකා වැලඳීමට වැඩි අවදානමක් ඇති කාන්තාවන් සඳහා සුලබ ඖෂධ වර්ග තුනක් ඇත:
මෙම ඖෂධ සාමාන්‍යයෙන් දිනකට එක බැගින් වසර 5ක් පුරාවට ගනු ලබයි. එම ඖෂධ ගන්නා අතරතුර දී මෙන්ම ඖෂධ ගැනීම නතර කර වසර ගණනක් යන තුරු, ඒවාට ඔබගේ පියයුරු පිළිකා ඇති වීමේ අවදානම අඩු කළ හැකිය. මෙම ඖෂධවල අතුරු ප්‍රතිඵල ලෙස:
එසේ ම, අස්ථි දුර්වල වීම (ඔස්ටියෝ පොරෝසිස්), රුධිර කැටි ඇතිවීම සහ ගර්භාෂ පිළිකා තත්ත්ව ඇතිවීම වැනි වඩාත් බරපතළ අතුරු ප්‍රතිඵල ඇති වීමට ද කුඩා අවදානමක් ඇත. ඔබගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමට ඖෂධ ලබා ගැනීමට ඔබගේ වෛද්‍යවරයා යෝජනා කරන්නේ නම්, එක් එක් ඖෂධයේ ප්‍රයෝජන සහ අවදානම් තත්ත්ව පිළිබඳ ව ඔහු ගෙන් අසා දැන ගන්න.